මට්ටු නොවන ජල්ලි කට්ටු


( රොමේෂ් මධුෂංඛ / සිතුම් චතුරංග)

ගවයාට මහත් සේ හිංසාකාරී වූ පසුගිය කාලයේදී දැඩි ආන්දෝලනයකට ලක් වූ ජල්ලිකට්ටු ක්‍රීඩාව තයිපොන්ගල් සමය හේතුවෙන් මේ දිනවල උතුරේ ස්ථාන කිහිපයකදී දැකගන්නට ඇති අතර එම ක්‍රීඩාවට බොහෝ පිරිසකගේ විරෝධය එල්ල වී ඇත.

ජල්ලි කට්ටු ක්‍රීඩාව යනු ගවයින් සමඟ පිරිසක් එකතුවී මුදල් ඔට්ටු අල්ලමින් කරනු ලබන ඉතා අවදානම් සහගත ක්‍රීඩාවකි.

ජල්ලි කට්ටු ක්‍රීඩාවේදී වරෙක ගවයා බිම ඇද වැටීමෙන් මිය යාම හෝ තුවාල ලැබීම සිදු විය හැකි අතර ඊට වඩා සිදුවන්නේ ගවයා හඹා යමින් ජල්ලි කට්ටු ක්‍රීඩාවේ යෙදෙන පුද්ගලයින් තුවාල ලැබීම හෝ මිය යාමයි.

දිව යන ගවයාට පෑගී හෝ ගවයා පසුපස දිවීම නිසා බිම ඇදවැටෙන පිරිස ඊට වඩා විශාලය මේ නිසා ජල්ලි කට්ටු ක්‍රීඩාව බොහෝ රටවල තහනම් කොට ඇති ක්‍රීඩාවකි.

ගවයාගේ අංවලට වැදීම නිසා ගවයා පසුපස එළවන පිරිසගේ ඇස්වලට අනතුරු සිදුවීම ඉතා බහුල ලෙස සිදුවන්නක් වන අතරම ශ්‍රී ලංකාවේ ජල්ලි කට්ටු ක්‍රීඩාව තහනම් නැතත් මුදලට ඔට්ටු අල්ලා ජල්ලි කට්ටු ක්‍රීඩාවන් පැවැත්වීම තහනම්ය.

මේ දිනවල කිළිනොච්චිය පෙරිය පරන්තන් ක්‍රීඩාංගනය ආසන්නයට තරුණයින් පිරිසක් එකව ජල්ලි කට්ටු ක්‍රීඩාවට යෙදෙන අතරම යාපනය දිස්ත්‍රීක්කයේදී ස්ථාන කිහිපයක ජල්ලි කට්ටු ක්‍රීඩාව පැවත්වීමට පියවර ගෙන ඇත

ජල්ලි කට්ටු  ක්‍රීඩාවට විරෝධය පලකරන බොහෝ පිරිස් කියා සිටින්නේ සූදුවට ඇබ්බැහි වී සිටින ඇතම් තරුණයින් නිකරුණේ තුවාල සිදු කරගැනීම හෝ මරණයට පත් වීම සිදු විය හැකි බවත් දේවත්වයෙන් සලකන ගවයාට හිංසා කිරීම අනුමත කළ නොහැකි බවත්ය.