මඩු පිට්ටු කන්න කාලෙ ඇවිත්


(ඉන්දික අරුණ කුමාර) 

වසර ගණනාවක ඈත ඉතිහාසයකට දිවයන මඩු ශාකයේ ගෙඩි හට ගැනීම ආරම්භ වීමත් සමඟ ඒ ආශ්‍රීත ආහාර සැකසීම ආරම්භ වී තිබේ.
 
වාර් ෂිකව අස්වැන්න ලැබෙන මඩු ශාකය පොහොර හෝ ජලය යෙදීමක් සිදු නොකරන අතර, මඩු ගෙඩි වලින් සකසා ගන්නා ආහාර වර් ග රැසක් මාතලේ  ලග්ගල ගැමියෝ සතුව පවතිති.
 
මඩු පිට්ටු ඒ අතරින් ප්‍රධාන තැනක් ගනු ලබයි.
 
මේ දිනවල මඩු ශාකයේ ගෙඩි කඩා අව්වේ වියලන අයුරු  ලග්ගල බොහෝ නිවෙස් වල දැකිය හැකි සුලභ දසුනකි.
 
බත් වෙනුවට සකසා ගන්නා මඩු පිට්ටු බර අහරක් බවත් හෙනේ කුඹුරේ වැඩ කටයුතු වලදි කුසගින්න නිවා ගැනීමට හා පෝෂ ගුණය බහුලව පවතින හෙයින් පෝෂ දායි ආහර වේලක් ලෙස මඩු පිට්ටු ලග්ගල ගැමියන් අතර ජනප්‍රියය.