මහ පාරේ දඩ වැඩි කළාට උද්ඝෝෂණයක්


(ශාන්ත රත්නායක)

මාර්ග නීති කඩ කිරීමේ  දඩ මුදල රුපියල් 25000 වැඩි කර ආණ්ඩුවේ වැය ජනතාවගෙන් අයකර ගන්න තවත් මාර්ගයක් හදාගත්තා යැයි වෙනසක තාරුණ්‍යය සංවිධානයේ ජාතික කමිටු සංවිධයක සුජිත් කුරුවිට මහතා අද (22) කොළඹ නගර සභාව අසල පැවති උද්ඝෝෂණයක දී පැවසීය.

‘මාර්ග නීති කඩකිරීමට අපි පක්ෂ නැහැ. මාර්ග නීතිකඩ කිරීම නවත්වන්න ඕනෑ. එයට පරිසරය හදන්න ඕනෑ. තදබදය අඩු කරන්න ආණ්ඩුව මාර්ග පුළුල් කරන්නේ නැතිව ආණ්ඩුව රථ වාහන තදබදය හා මාර්ග නීති කඩ කරන්න සිද්ධ වෙලා තියන තත්වය තමන්ට තව අදායම් මාර්ගයක් බවට පත් කරගන්නයි මේ යෝජනා කරලා තියෙන්නේ’ යැයි ඔහු සඳහන් කළේය.