මහ වැස්සෙන් කොළඹ යට වෙයි


 

 

(ඩයනා උදයංගනී)

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඊයේ (9) රාත්‍රියේ සිට ඇද හැලුණු මහ වැසි හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.

කොළඹ නගරයේ ද පාර්ක් වීදිය, හයිඩ් පාර්ක්, ආමර්වීදිය, ටවුන්හෝල්, මාලිගාවත්ත, කේරි විද්‍යාලය අසල ආදී වශයෙන් මාර්ග රැසක් ජලයෙන් යට වී තිබිණි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග පවා ජලයෙන් යටව තිබෙනු දක්නට ලැබිණි.

 ( දුම්රිය මාර්ග ජලයෙන් යට වී ඇති අයුරු) ඡායාරූප- ඩයනා උදයංගනී 


(ඡයාරූප - ශාන්ත රත්නායක)