මහනුවරත් මහ පිරිස් විරෝධයේ


(ෂේන් සෙනෙවිරත්න)

වත්මන් රජයටත් ජනාධිපතිවරයාටත් විරෝධය දක්වමින් මහනුවර දළදා වීදියට රැස්වූ අති විශාල පිරිසක් රතිඤ්ඤා පත්තු කරමින් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් දැවැන්ත උද්ඝෝෂණයක  නිරත වූහ.

විසිදහසකට අධික විරෝධතාකරුවන් පිරිසක් මහා මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් දළදා වීදිය සහ ඔරලෝසු කණුව අවට එක්රොක් වෙමින් එම පිරිස උදේ 9:30 සිට සවස් කාලය වන තුරු ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.

මෙම උද්ඝෝෂණය සඳහා පොලිස් නිලධාරීන් ගෙන් කිසිදු බලපෑමක් එල්ල නොවීම ද විශේෂ සිදුවීමක් විය .