මහවැස්ස කළුතරත් සසළවයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ, විශ්ව ගැමුණු ප්‍රියංකර)

අධික වර්ෂාව සහිත තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 තුළ ජීවිත හා දේපළ හානි රැසක් සිදුවී අැතැයි කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී ජයලාල් මහතා පවසයි.
මින් වැඩිම හානිය බුලත්සිංහල ප්‍රදේශයට වී ඇතැයි ද ග්‍රාම සේවා වසම් වසම් 138 ක පවුල් 9210ක් පමණ අවතැන් වී ඇතැයි ද ඒ මහතා කියයි.
පාහියංගල කන්ද මේ වන විට නාය ගොස් ඇත. කොබවක කන්ද නායයාමෙන් 9 දෙනකු මියගොස් ඇති අතර අතුරුදන් වූ තවත් අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. මේ අතර මතුගම, වලල්ලාවිට, බදුරලිය ආදී ප්‍රදේශ රැසක ජල ගැලීම් හා නායයාම් වාර්තාවේ.

(කොබවක කන්ද නායයාම / ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අගලවත්ත වේයන්ගල්ල මුස්ලිම් විද්‍යාලය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති අයුරු

(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

වලල්ලාවිට පැවති තත්ත්වය

(ඡායාරූප-විශ්ව ගැමුණු ප්‍රියංකර)