මහවැස්සෙන් බෙලිඅත්ත යටවෙයි


(අනීෂා මානගේ)

බෙලිඅත්ත ප්‍රදේශයට අද (09) පස්වරුවේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් බෙලිඅත්ත නගරයේ වෙළෙඳසැල්, නිවාස සහ අතුරු මාර්ග රාශියක් ජලයෙන් යටවී තිබේ.

බෙලිඅත්ත දික්වැල්ල මාර්ගයේ සහ නගරය අවට වෙළෙඳසැල් සහ නිවාස 25ක් පමණ මෙලෙස ජලයෙන් යටවී පැවතිණි.

බෙලිඅත්ත මිහිඳු මාවත අඩි 3ක් පමණ ජලයෙන් යටවී පැවති ආකාරය දක්නට හැකිවිය.

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා ඇතුළු සභාවෙ සේවකයන් ජේසීබී යන්ත්‍ර යොදා ජලය බැස යාමට හැකිවන පරිදි අවහිර වූ ස්ථාන පිරිසිදු කිරීම ආරම්භ කර ඇත.