මහසඟරුවන බුද්ධ ශාසාන අමාත්‍යංශය අසල උපවාසයක


(ළහිරු හර්ෂණ )

කල්පිටිය සාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණයේදී ඡන්දය ලබාදීමට අවස්ථාව නොදුන්නැයි කියමින් භික්ෂූන්වහන්සේ ලා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර ඇත.

එම ඡන්ද විමසීම බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේදී අද (23) උදෑසන පැවැත්වීමට කටයුතු යොදා  එම බල මණ්ඩලයට අයත් විහාරස්ථාන නමයක ස්වාමීන් වහන්සේලාට ලිඛිතව දැනුම් ඇත. 

අනතුරුව නිලවරනයට වැඩම කළ ස්වාමීන් වහන්සේලා පස්නමකට පමනක් ඡන්දය ලබාදීමට ලියාපදිංචිය ඇති බැවින් ඉතිරි හිමිවරු හතර දෙනාට එයින් පිටව යන ලෙස දැන්වූ බව බැඳිවැන දියසේන හිමියෝ කියති.

ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබෙන අනෙකුත් ස්වාමීන් වහන්සේලා කීප නමක් සමග බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපිට මේ වනවිට උපවාසයක් ආරම්භ කොට ඇත.