මහා සංඝරුවන ඖෂධ පැළ සිටුවති


(කාංචන කුමාර ආරියදාස)

රංගිරි දඹුලු රජමහා විහාරස්ථ ඖෂධ උයන තුළ  මහා සංඝරත්නය ඖෂධ පැළ වර්ග සියයක් සිටුවීමේ වැඩසටහනක් අද (13)  උදේ සිදුකෙරිණි.

රංගිරි දඹුලු රජමහ විහාර හා ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ  උප ප්‍රධාන සංඝනායක  අඹගස්වැවේ රාහුල නාහිමියන්ගේ 58 වන ජන්ම දිනය නිමිතිකරගෙන  මෙම උත්සවය උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සහ දායක සභාව විසින් සංවිධානය කර තිබිණි.