මහානායක හිමියන් සමුගනිද්දී මහින්ද - මෛත්‍රී හමුවෙති


කිසිවකුගේ සමුගැනීම බොහෝ දෙනා හමුවීමේ අවස්ථාවකි. ශ්‍රී ලාංකික සංස්කෘතියේ සුවිශේෂී අංගයක් වන සිත්ගත් අයකුගේ අවසන් මොහොතට සහභාගි වීමේ සිරිත නිසා වසර ගණන් මුහුණට මුහුණ නොබලා සිටි අය මුණගැසී කතාබහ කෙරෙන අවස්ථා බොහොමයකි. 
අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නායක හිමියන්ගේ අදාහන පූජෝත්සවය පැවැති කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු එකිනෙකා මුණ ගැසී ආචාර සමාචාර දැක්වූහ. 
ආදාහන උත්සවයට පැමිණ සිටි අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය සහ බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් සමග හිටපු ජනපතිවරයා කථාබහ කරමින් එක්ව අසුන් ගෙන සිටි නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට හවුල් වූයේ නැත. නමුත් ටික වේලාවකට පසු දෙදෙනා නැගී සිට ආචාර කරගන්නා ආකාරය දැකිය හැකිවිය.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)