මහින්ද - ශිරන්ති රගර් බලන්න යති


කොතෙකුත් දේශපාලන හැලහැප්පීම්,  තර්ක විතර්ක මෙන්ම අර්බුද මැදින් ජීවිතය ගෙවී ගියද තම දරුවන් ක්‍රීඩා කරන රග්බි තරගයක් නැරඹීමට යාමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ශිරන්ති රාජපක්ෂ මහත්මියත් අමතක නොකරති. කොළඹ තුරඟ තරග පිටියේදී  (17 වැනිදා) සී.එච්. පිල සහ සී.ආර්. පිල අතර පැවැති තරගය නැරඹීමටද මහින්ද රාජපක්ෂ මහතාත් ශිරන්ති රාජපක්ෂ මහත්මියත් පැමිණ සිටියහ.

ශ්‍රී ලංකාවේ පැරණිතම රග්බි තරගාවලිය වන ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. පිලට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ බාලම පුතණුවන් වන රෝහිත රාජපක්ෂයි. මද්දුමයා වන යෝෂිත රාජපක්ෂද සී. එච්. පිල වෙනුවෙන් ක්‍රීඩා කරන අතර ජ්‍යෙෂ්ඨයා වන නාමල් රාජපක්ෂ උපදේශකවරයකු ලෙසින් සී.එච්. පිලට එක්ව සිටී. 

කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ පැවැති මෙම තරගයේදී යෝෂිත සහ රෝහිත ක්‍රීඩා කළ සී.එච්. පිල ලකුණු 46-29 කින් පරාජය කිරීමට සී.ආර්. කණ්ඩායමට හැකිවිය. 

ඡායාරූපය - ගයාන් අමරසේකර