මැලේසියානු අගමැති එයි


වාර්තාව - ටී.කේ.ජී. කපිල
ඡායාරූප - චතුර එස්. කොඩිකාර

 

මැලේසියානු අග්‍රාමාත්‍ය මොහොමඩ් නජීබ් බින් තුන් අබ්දුල් රසාක්  මහතා නිල සංචාරයක් සඳහා අද(17) ශ්‍රී ලංකාවට පැමිණියේය.  

කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් පිළිගත් අතර එම අවස්ථාවේදී මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ගුවන්තොටුපලේ ඇති විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සමරු සටහන් තැබීය.

මැලේසියානු අගමැතිවරයා සමග පැමිණි දූත පිරිස 30 ක පමණ වන අතර ඒ අතර මැලේසියාවේ ඇමතිවරුන් 05 දෙනෙකු ද මෙම සංචාරය සදහා පැමිණ සිටිති.

මෙම පිරිස ශ්‍රී ලංකාවේ ගත කරන කාලය තුළ ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ඇතුළු ඉහළ පෙලේ රාජ්‍ය නායකයින්  හමුවීමට අදහස් කරන අතර, එහිදී 2020 වසරේ මැලේසියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සදහා ඔවුන්ට ආරාධනා කිරීමටද බලාපොරොත්තු වේ.