මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට අත්සන් නොකරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්


 
මව්බිමේ  සුරක්ෂිතතාව  උදෙසා  සංවිධානයේ සාමාජිකයෝ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද(04) විරෝධතාවක් පැවැත්වූහ.
 
ජනමත  විචාරයකින්  තොරව ඇමරිකාව  සමග මිලේනියම් චැලේන්ජ්   කෝපරේෂන්   ගිවිසුම   අත්සන් නොකරන  ලෙස රජයට  බල කරමින්   එම විරෝධතාව පැවැත්විණි.

මෙම අවස්ථාවට  පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ  මහතා  ඇතුළු පිරිසක් සහභාගී වූහ.

  
(ඡායාරූප -  චතුර එස්. කොඩිකාර)