මෝටර් රිය නිවසකට කඩා වදී


(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ එඬේරගල වංගුව ආසන්නයේ දී අද(20) අලුයම 2 මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් තුළට කඩා වැදීමෙන් නිවසට හා මෝටර් රියට බරපතල හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.

මෝටර් රථය හබරණ දෙසින් පැමිණ ප්‍රධාන වංගුව හරවනවාත් සමඟම මීටර් 70ක් පමණ ප්‍රධාන මාර්ගයේ සිට දුරකින් පිහිටි නිවසේ බිත්තිය කඩා ගෙන නිවස තුලට කඩා වැදුණු බව නිවැසියෝ පවසති.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ මෝටර් රථය පැදවූ දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක කළමනාකරුවෙක්  බව පරීක්ෂණ පවත්වන සීගිරිය පොලිසිය කියයි. අනතුරින් බැංකු කළමනාකරු සුළු තුවාල ලබා තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු නිවසේ කාමර දෙකක නිදාගෙන සිට ඇති අතර ඔවුන්ට අනතුරින් හානියක් වී නැත.