යුද සමයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඒ9 පාරේ උද්ඝෝෂණයක


(සිතුම් චතුරංග)

යුධ සමයේ අතුරුදන්වූවන් හා බන්ධනාගාරගත කර සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා උතුරු පළාතේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් පිරිසක් අද (30) යාපනය - නුවර ඒ 09 මාර්ගය කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටින් අවහිරකරමින් විරෝධතාවක් කළහ.

කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ අතුරුදහන්වූවන් සොයාදෙන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් විසින් ආරම්භකරන ලද සත්‍යග‍්‍රහයට දින 100ක් පිරීම හේතුවෙන් මෙලෙස මාර්ගය අවහිර කර විරෝධතාවයේ නිරතවූහ.



මාර්ගය අවහිර කර මහජනතාව පීඩාවට පත්වන අයුරින් විරෝධතා නොකරන ලෙසට කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් දී තිබූ නියෝග නොතකමින් ඔවුහු පැය තුනකට ආසන්න කාලයක් උද්ඝෝෂණය කළහ.මේ හේතුවෙන් රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබිණි.

රජයක් ලෙස උතුරේ ජනතාවගේ ගැටළු සොයාබලන ලෙසත් තම දරුවන්ට සිදුවූ දේ සොයාබලන ලෙසත් ඉල්ලන විරෝධතාකරුවෝ අතුරුදහන්වූවන් සෙවීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින බවද කිහ.