රජරට සරසවි සිසු - අනධ්‍යයන මණ්ඩලය උද්ඝෝෂණයක


බී.ජී.චතුරංග                                                                                    

මිහින්තලයේ පිහිටි රජරට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය අද (29) අනුරාධපුර නව බස්නැවතුම් පොළට පැමිණ ආණ්ඩුවට විරෝධය පළකර උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවූහ.
 
අනධ්‍යයන කාර්ය මණ්ඩල ගැටලු විසඳා විශ්ව විද්‍යාලය යළි විවෘත කර, අධ්‍යාපන කටයුතු ආරම්භ කරන ලෙසත් අවසන් වී නොමැති සයිටම් අර්බුදය වහා විසඳන ලෙසත් ඔවුහු මෙහි දී රජයට බලකර සිටියහ.