රජරට සිසුහු කොටුවේ විරෝධතාවක



( රොමේෂ්  ධනුෂ්ක සිල්වා)

රජරට විශ්වවිද්‍යාලයේ පන්ති තහනමට ලක්ව සිටින සිසුන්ගේ එම පංති තහනම වහා ඉවත් කරන ලෙසත්,දැනට වසා දමා ඇති එම විශ්වවිද්‍යාලය වහා විවෘත කරන ලෙසත් ඉල්ලමින් සිසුහු අද (03) උද්ඝෝෂණයක් කළහ.

රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය මෙම උද්ඝෝෂණය  සංවිධානය කර තිබු අතර, කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාව  පැවැත්විණි