රදවිබැඳි ඇළ යළි පිළිසකර කරයි


රෝවන් පෙරේරා  
 
තබ්බෝව ජලාශයට ජලය රැගෙන යන ප්‍රධාන ජල මාර්ගය වන රදවිබැඳි ඇල අද නැවත සකස් කිරීම සිදු විය.

 
එම ඇළ ස්ථාන දෙකකින් කැඩී ගොස් තිබූ ආකාරය  ලංකාදීප වෙබ් අඩවිය මගින් අනාවරණය කිරීමෙන් පසු වාරිමාර්ග ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ උපදෙස් මත පිළිසකර කිරීම සිදු කැරිණි.
 
වාරිමාර්ග දෙපාර්තුමේන්තුව නිළධාරීහු මෙන්ම පුත්තලම යුද හමුදා කඳවුරේ නිලධාරීහු ද  ඇළ පිළිසකර කිරීමට ශ්‍රම දායකත්ව යදුන්හ.