රන්ජන්ගේ රසිකයෝ වැලිකඩට එති


(ඩයනා උදයංගනී)

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීමෙන් පසු ඔහු‍ගේ නිදහස අපේක්ෂාවෙන් කලාකරුවන්, මාධ්‍යවේදීන් මහජනතාව ඇතුළු පිරිස් මේ වන විටත් වැලිකඩ බන්ධනාගාරය අසලට රැස්වෙමින් සිටිති.

රන්ජන් රාමනායක මහතාට ආදරය කරන අය අද දහවල් 12ට වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණෙන ලෙස ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමෙහි ද පළ කර ඇති අතර, ඒ අනුව මේ වන විටත් ඒ අසලට බොහෝ පිරිස් රැස්ව සිටිති. 

සිර දඬුවම් ලබන රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දෙන ලෙස දේශපාලනඥයන්, කලාකරුවන් ඇතුළු විවිධ පිරිස් පසුගිය කාලයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද එයට අදාළ ලේඛනයට අත්සන් තැබීය.

(ඡායාරූප: හිමත් මතීෂ)