රන්දෙනිගල - රන්ටැඹේ වාන් දොරටු ඇරේ


 

රන්ටැඹේ ජලාශය

(රංජිත් කරුණාවීර)

දැඩි වර්ෂාවත් සමග රන්දෙනිගල හා රන්ටැඹේ ජලාශ උපරිම ජල මට්ටම දක්වා පැමිණ  සමඟ එහි වාන් දොරටු ස්වයංක්‍රීයව වරින් වර විවෘත වන බව රංදෙනිගල ජලාශ කාර්ය බාර ඉන්ජිනේරු ඩී.එම්. ධර්මදාස මහතා පවසයි.

මේ හේතුවෙන්  විශාල ජල ධාරිතාවයක් මහවැලි ගඟට මුදා හරින බැවින් රංදෙනිගල හා රංටැඹේ ජලාශ වලට පහලින් ගඟ පරිහරණය කරන ජනතාව විමසිල්ලෙන් හා පරික්ෂාකාරී වන ලෙස ද ඒ මහතා කියයි.

රංදෙනිගල ජලාශයේ වාන් දොරටු 01ක් මීටර් 2.5ක් උසට ස්වයංක්‍රීයව විවෘත වී ඇති අතර ඉන් තප්පරයට ඝණ මීටර් 400ක ජල කඳක්  මුදා හැරිණි.

තවද රංටැඹේ ජලාශයේ වාන් දොරටු දෙකක්  මීටර් 01 බැගින් විවෘත ස්වයංක්‍රීයව විවෘත වු අතර ඉන් තප්පරයට ඝණ මීටර් 600ක ජල කඳක්  මහවැලි ගඟට මුදා හැරිණි.

වික්ටෝරියා හා කොත්මලේ ජලාශ වාන් දැමීම හේතුවෙන් ඉන් පිට කෙරෙන ජලය හේතුවෙන් ඉතා සීග්‍ර ලෙස රංදෙනිගල ජලාශය හා රංටැඹේ ජලාශයේ ජල මට්ටම් සිග්‍ර ලෙස ඉහල යමින් පවතී. තවද බංඩාරවෙල, බදුල්ල ප්‍රදේශවලට ඇදහෙලන අධික පර්ෂාව හේතුවෙන් බදුලු ඔයෙහි විශල ජල ප්‍රමාණයක් රංටැඹේ ජලාශ වලට එකතුවිම හේතුවෙන්ද නිරත නිතර රංටැඹේ ජලාශයේ වාන්දොරටු ස්වයංක්‍රියව විවෘත වේ.

තවද රංදෙනිගල හා රංටැඹේ ජලාශ වලින් නිකුත් කරන අධික ජල ප්‍රමාණය හේතුවෙන් මිනිපේ අමුණ ආසන්නයෙන් මිණිපේ යෝධ ඇළ සදහා ජලය ලබා ගැනීමට ඉදිකර ඇති තාවකාලික ගේට්ටුව කැඩී යාමේ අවධානමකට ඊායේ (07) දින ඇති විය.

පසුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මිනිපේ වම්ඉවුර පුණරුප්තාපන ව්‍යාපෘති නිළධාරින් එක්ව යෝධ ඇළේ ඒක් ස්ථානයක වැලි කොට්ට දමා ඇළ හරස් කර ඇළ දිගේ පැමිනෙන විශාල ජල කඳ මහවැලි ගඟට මුදා හැරිමට හැකි වන පරිදි සකස් කෙරිනි.  


රන්දෙනිගල


රන්ටැඹේ ජලාශ

මිනිපේ අමුණ