රේස් ගිය බස් දෙක එකට ඇමිනේ


(කාංචන කුමාර ආරියදාස)

පෞද්ගලික බස් රථයක් සහ ලංගම  බස් රථයක් එකිනෙකා පරයා ගමන් ධාවනයට කිරීමට ගොස්  දඹුල්ල රෝහල් ඉදිරිපිට දී බස්රථ දෙක එකිනෙක යාවී පෞද්ගලික බසයේ සිටි  මගින් 50 කට අධික පිරිස පැයට ආසන්න කාලයක් බස් තුළ සිරවීමෙන් ඔවුහු දැඩි අපහසුතාවයට පත් වූහ.

අනුරාධපුරයේ සිට මහනුවර බලා ධාවනය වූ ලංගම බසයක් සහ  පොලොන්නරුව අරුණපුර සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බසයක් මෙසේ අනතුරට ලක් විය.

දඹුල්ල නගරයෙන් මෙම බස් රථ දෙක එකම වේලාවට ධාවන ආරම්භ කොට නගරයේ සිට කිලෝ කිලෝමීටර් එකක් පමණ දුර එකිනෙකා ඉස්සර කිරීමට නොදී අපරික්ශාකාරිව ධාවනය වූ බව මගින් පවසති.

ඒ අනුව දඹුල්ල රෝහල ඉදිරිපිට දී  ලංගම බස් රථය පසුකර යෑමට පෞද්ගලික බස් රථය සූදානම් වනවාත් සමඟ මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන  අවස්ථාවේ බස්රථ දෙකේම මගින් සියයකට අධික පිරිසක් සිට තිබේ,පෞද්ගලික බස් රථය සිර වීමත් සමග එහි සිටි මගින් 50 කට අධික පිරිසක් බස් රථයෙන් බැස ගැනීමට නොහැකිව බස් රථයේ සිරවී සිටි බව බස් රථය තුළ ගමන් කරමින් සිටී භික්ෂූන් වහන්සේ නමක් අප සමග සඳහන් කළහ.

දඹුල්ල රථවාහන පොලිසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කොට පෞද්ගලික බස් රථයේ සිටි මගීන් කඩිනමින් එළියට ගැනීම සඳහා ලංගම බස් රථය ඉවත් කිරීමට පියවර ගත්තේය.