වට්ටුවාක්කල් පාලමේ කොටසක් ගිලා බසී


(රොමේෂ් මධුෂංඛ)

පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් මුලතිව් වට්ටුවාක්කල් පාලම අසල ජල මට්ටම ඉහළ යාම නිසා පාලමේ මැදින් ගිලා බැස ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

මේ හේතුවෙන් එහි ගමන් කිරීම අවදානම් තත්ත්වයේ පවතින බව ඔවුහු පවසති.

මේ හේතුවෙන් මුලතිව් වට්ටුවාක්කල් ඒ- 35 ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා සිදුව ඇත.