වවුනියාවේ කල්ලිකුලම වැව් බැම්ම කැඩී යයි


 

(ප‍්‍රදීප් කුමාර)
 
වවුනියාව ඊච්චන්කුලම් ප‍්‍රදේශයේ පිහිටි කල්ලිකුලම වැවේ බැම්ම කඩාගෙන යෑම හේතුවෙන් එම ප‍්‍රදේශයේ කුඹුරු විනාශ වී ඇතැයි ගොවීහු පවසති. 
 
මේ වන විට පීදෙමින් තිබු ගොයම් සහිත කුඹුරු යායක් ජලයෙන් යටව විනාශ වී ඇති බවත්, ඉදිරියේදී ජලය හිඟ විය හැකි බවත් ඔවුහු කියාසිටිති.
 
කෙසේ වෙතත් ගොවි සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙන්නේ වැව් බැම්ම කඩාගෙන වැවෙන් ජලය පිටවීම හේතුවෙන් එම ප‍්‍රදේශයේ කුඹුරු අක්කර 120 ක පමණ ප‍්‍රමාණයක් අවදානමේ ඇති බවයි.
 
මෙම වැවේ වැව් බැම්මෙන් කලක සිට කුඩා ජල කාන්දුවක් පැවති බවත් ඊට නිසි පිළියම් නොයෙදීම නිසාවෙන් බැම්ම කඩාගෙන ගොස් ඇති බවත් ඔවුහු පවසති.
 
 පසුගිය දින වල ප‍්‍රදේශයට ඇදහැලූණු අධික වර්ෂාවත් සමග වැවේ ජල ධාරිතාව ඉහළ මට්ටකමක තිබූ අතර මේ වන විට වැවේ ජලය බැස ගොස් තිබේ.