වසරේ ප්‍රවෘත්ති ඡායාරූපය



 
“දේශසීමාවේ හඬන දැරිය” ඡායාරූපය ලොව හොඳම ප්‍රවෘත්ති ඡායාරූපය ලෙස තෝරාගනු ලැබ තිබේ. 
 
ඇමෙරිකා එක්සත් ජනපය සහ මෙක්සිකෝව අතර දේශසීමාවේ  දී හොන්ඩුරාස් ජාතික කාන්තාවක රඳවාගෙන පරීක්ෂා කරන අවස්ථාවේදී ඇගේ දෙහැවිරි දියණිය කඳුළු සලන අයුරු එම ඡායාරූපයේ දැක්වේ. 
 
ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු වෙන ගෙටී ඡායාරූප සේවයේ ජෝන් මුවර්ගේ කැමරා කාචයේ එම සිදුවීම සටහන් වී තිබිණි. 
 
වර්ල්ඞ් ප්‍රෙස් ෆොටෝ ඇසුරිනි 
 
055