වාලුකාරාම වාර්ෂික ඇසළ මහ පෙරහර අද



(ළහිරු හර්ෂණ)

කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහර අද (27) රාත්‍රියේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී කන්දෙවිහාරයේ මුතුරාජා හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම සිදුවූයේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

56 වන වරටත් සංවිධානය කර තිබූ මෙම ඇසළ මහා පෙරහර විහාරාධිපති මහරගම නන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබිණි. මේ අවස්ථාවට  වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන මහත්වරු ඇතුළු දෙස් විදෙස් සැදැහැවත්හු විශාල පිරිසක්ද එක්ව සිටියහ.