වැඩ බාර ගන්න පෙර දළදා මාලිගාවට පැමිණ


ෂේන් සෙනෙවිරත්න

ශ්‍රී ලංකා තනාපති සේවයේ අභිනවයෙන් වැඩ බාර ගැනීමට නියමිත විදෙස් රටවල් 17 ක තානාපතිවරු හා මහ කොමසාරිස්වරු පිරිසක් අද සවස ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්හ.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා  තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් පිළිගත් අතර ආගමික වතාවත්වලින් පසු ශ්‍රී දළදා මාලිගාවේ පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීම සඳහා ද එම පිරිස අවස්ථාව සලසා දුන්නේය.

ශ්‍රී දළදා මාලිගාවේ රන් ආයුධ මණ්ඩපය පරිශ්‍රයේදී තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් වෙත දියවඩන නිලමේවරයා  සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කරනු ලැබීය .