වැසි ඉල්ලා කිරි කල පූජා කරති


(  එච්. චන්දන )

පුත්තලම පිටවට රවුම්පාර මුත්තුමාරී අම්මාන් කොවිලේ වාර්ෂික මංගල්‍යයට   හා  ප්‍රදේශයට නිසි වර්ෂාවක් ලැබෙන ලෙස පතමින් කිරි කල පුඡාවක්  අද (23) උදෑසන පැවැත්විණි.

පුත්තලම-කොළඹ පාරේ අයියනායක දේවාලය අසලින් ආරම්භ වු මෙම කිරි කල පෙරහැර පුත්තලම නගර මධ්‍යයෙන් මුත්තුමාරී අම්මාන් කොවිලට පැමිණ එහි විශේෂ පුජාවක් පවත්වන ලදී.