විදේශ පක්ෂීන් බොහෝ ප්‍රමාණයක් නැගෙනහිරට


(මඩකලපුව වාර්තාකරු ටී.එල්. ජව්ෆර්කාන්)

නවසීලන්තය ඕස්ට්‍රේලියාව වැනි රටවල සිට විදේශ පක්ෂීන්  නැගෙනහිර පළාතට දෙසට පැමිණීම ආරම්භවී ඇත.

මඩකලපුව  කල්මුනේ  ප්‍රධාන  මාර්ගයේ  ආරයන්පති  ප්‍රදේශීය ලේකම්  බල ප්‍රදේශයේ  කිරාන්කුලම්  ප්‍රදේශයේ විශාල් ගණනක් විදේශීය පක්ෂීන්  පැමිණි ඇත.  මෙම පක්ෂීන් ඔස්ට්‍රේලියාව  නවසීලන්තය  රටවල්වලින්  පැමිණෙන  බවට අනාවරණය වී ඇත.

වසරක් පාසා  ජනවාරි, පෙබරවාරි මාසවල එහි සිට පැමිණෙන පක්ෂීන් මෙම ප්‍රදේශවල  ගස්වල නවාතැන් ගෙන බිත්තර දමා තමන්ගේ  පැටවුන් සමග නැවත තමන්ගේ රටට නැවතත් ගමන් අරඹයි.