විරෝධතා පා ගමනට සියල්ල සූදානම්


(ඉන්දිකා රාමනායක)

මර්දනය නවත්වන ලෙසට සහ , ත්‍රස්ත පනත වහාම හකුලා ගන්නා ලෙසට රජයට බල කරමින් දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති,සහ බහුජන සංවිධාන එක්ව සංවිධානය කළ විරෝධතා පා ගමන මරදාන එල්පින්ස්ටන් රඟහල අසලින් අරම්භ කිරීමට නියමිතය.

විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් දේශපාලනඥයින්,වෘත්තීය සමිති පිරිස්, සංවිධානවල සාමාජිකයෝ  එක් රැසව සිටිති.

මෙම විරෝධතාවය හේතුවෙන් මරදාන සහ කොටුව අදට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මකව තිබූ අතර, අතිරේක පොලිස් කණ්ඩායම් කැරලි මර්දන කණ්ඩායම් විශාල පිරිසක්,  තැන තැන ස්ථානගත කර තිබෙනු දක්නට ලැබුණි.

ජල ප්‍රහාරක රථ 4 ක් ද උකුළ සහ මරදාන අතර ස්ථානගත ස්ථාන ගත කර තිබුණි.