විරෝධතාවක් කොළඹ ලිප්ටන් වටරවුමේ



 
(ශාන්ත රත්නායක)


ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධනය කරන ලද උද්ඝෝෂණක් හා පා ගමනක් අද (15 ) කොළඹ ලිප්ටන් වටරවුමේ දී පැවැත් විය.

දින 180 සම්පුර්ණ කළ ආදේශක සේවකයින් වහා ස්ථිර කරනු ,ප්‍රමාද කළ උපස්ථායකපත්වීම කඩිනමින් ලබා දෙන ලෙස හා සියලු සෞඛ්‍ය සේවකයිනට විශේෂ අවදානම් දීමනාව ලබාදෙන ලෙස  රජයට බල කරමින් ඔවුහු මෙම උද්ඝෝෂණය පැවැත්වූහ.

එහිදී සෞඛ්‍ය සේවක සංගමය සංවිධනය කරන ලද උද්ඝෝෂණය හා පා ගමන කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ වී ලිප්ටන් වටරවුම දක්වා පැමිණ පැය 3 කට අධික කාලයක්  වටරවුම අවහිර වන  පරිදි පැවැත්විණි.