විහාරස්ථාන 150ක් සංවර්ධනය කෙරේ


(ඉෂාන් සංජිව)

බෞද්ධ වෙහෙර විහාරස්ථානවල ඓතිහාසික උරුමය රැක ගනිමින් ඒවා අනාගත පරපුරට දායාද කිරීම රජයේ අරමුණ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ​පුරාවිද්‍යා සංරක්ෂණය හා සංවර්ධනය කිරීම සඳහා විහාරස්ථාන 150කට මූල්‍ය අධාර ලබාදී​ම සඳහා අරලිය ගහ මන්දිරයේ දී අද (15) පැවති ජාතික උත්සවයට සහභාගී වෙමිනි.​