වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් රැසක් අමාරුවේ


(දයාරත්න ඇඹෝගම)
 
විශ්ව විද්‍යාල සිසුන්ට ජල සහ කදුලූ ගෑස් ප‍්‍රහාර එල්ල කිරිම සහ තවත් ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද (22) පෙරවරු 8 සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් දුර බැහැරින් රෝහල කරා ප‍්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගිහු විශාල පිරිසක් මහත් දුෂ්කරතාවයකට පත්වුහ.

අනුරාධපුර ශික්ෂණ රෝහලට ගිය අප හට දක්නට ලැබුණේ පදවිය , සිරිපුර, කැබිතිගොල්ලෑව, මැදවච්චිය වැනි ඉතා දුෂ්කර ප‍්‍රදේශ වලින් පැමිණි රෝගින් ප‍්‍රතිකාර ගැනිම සඳහා දියවැඩියාව හෘද රෝග  දනිස් කැක්කුම් සඳහා ප‍්‍රතිකාර ලබා ගැනිමට එම සායනයන් ඉදිරිපිට වාඩිවි සිටි ආකාරයයි.

රජයේ නිලධාරින්ගේ වෛද්‍ය සංගමයේ අනුරාධපුර ශාඛාවේ ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා ගෙන් කළ විමසිමේදි ඔහු පැවසුවේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වෛද්‍යවරුන් 600 ක් පමණ දෙනා මෙම වර්ජනයට එක්ව සිටින බවයි.

වකුගඩු ඒකකයේ සහ හදිසි සේවාවන් පවත්වා ගෙන යන බවත් සායන සහ බාහිර රෝගින් සදහා ප‍්‍රතිකාර කිරිම අත් හිටවා ඇති බවත් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා පැවසිය.

(අනුරාධපුර - දයාරත්න ඇඹෝගම)

 

( පුත්තලම - හිරාන් ප්‍රියංකර)

( මඩකලපුව - ජවුෆර් ඛාන්)