වෛද්‍යවරු විරෝධතා පාගමනක


(රංජන් කස්තුරි / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

වෘත්තීය සමිති මර්දනය වහා නතර කරන ලෙස ආණ්ඩුවට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) කොළඹ දී විරෝධතාවයක නිරත විය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, ලේකම් නවීන් ද සොයිසා ඇතුළු වෛද්‍යවරුන් ද වෛද්‍ය පීඨවල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් ද කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රය අසලට රැස්වී එහි පැයක පමණ කාලයක් නිහඬ විරෝධතාවයක නිරත වූහ.
ඉන්පසු විරෝධතාකරුවෝ අලුත්කඩේ සිට ටෙක්නිකල් හන්දිය ඔස්සේ මරදාන පාර හරහා පුංචි බොරැල්ල දෙසට පාගමනින් පැමිණ එතැන් සිට කොළඹ ජාතික රෝහල දක්වා ගමන් කළහ.