ශ්‍රී ලංකා නාවික හමුදාවට තවත් අධිතාක්ෂණික නෞකාවක්


අමල් වික්‍රමරත්න

ඉන්දියාවේ ගෝව නැව් තටාංකාංගණයේ  ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව නිල වශයෙන් භාර දීම එම නැව් තටාංකාංගණයේ දී සිදු කෙරිණි.

මෙම සුවිශේෂි අවස්ථාවේදී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්  චිත්‍රාංගනී වාගිෂ්වර සහ ගෝව නැව් තටාංකාංගණයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රියර් අද්මි‍රාල් (විශ්‍රාමික) ශේකර් මිතල් මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා වෙත නිල වශයෙන් නෞකාව භාර දෙන ලදී.

මෙම අධිතාක්ෂණික නෞකාව නිෂ්පාදනය කිරීමේ කටයුතු 2014 වසරේදි ගෝව නැව් තටාකාංගණයේදී ආරම්භ කරන ලද අතර, එමඟින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ මුර සංචාර සිදු කිරීම, සෝදිසි මෙහෙයුම්, මානුෂිය සහන සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම්, සමුද්‍ර දුෂණ වැලැක්වීමේ මෙහෙයුම් සිදු කිරීමට නියමිතව ඇත.