ශ්‍රී ලංකාවේ භික්ෂූණී ශාසනයේ ආරම්භය සමරා පිංකම්


(උපුල් තම්මිට )

 සංඝමිත්තා තෙරණින් වහන්සේ  ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් රැගෙන ශ්‍රී ලංකාවට වැඩම කිරීම හා ලංකාවේ භික්ෂූණී ශාසනය ආරම්භ වූ උදුවප් පුන් පොහොය යෙදෙන අද  අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය අභියස  විශේෂ පිංකම් රැසක් පැවැත්විණි.
 
දින කිහිපයක සිට අනුරාධපුරයට පැවති අධික වර්ෂාවද නොතකා උවැසි උවැසියෝ  විශාල පිරිසක් ජය ශ්‍රීමහා බෝධින් වහන්සේ අභියස පෙහෙවස් සමාදන්ව සිටියහ.
 
අද අලුයම් කාලයේ ජයශ්‍රීමා බෝසමිදුන් වෙනුවෙන් පැවති විශේෂ කිරිපිඩු දානයෙන් අනතුරුව පැමිණ සිටි උවැසි උවැසියෝ  පෙහෙවස් සමාදන් වූහ.
 
අටමස්ථානාධිපති  පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් විශේෂ ආගමික වැඩසටහන් රැසක් අද දවස පුරාවට පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර බැතිමතුන්ගේ පහසුව තකා දන්සැල් රැසක්ද සංවිධානය කර තිබේ.