ශ්‍රීලනිප 69 වැනි සංවත්සර සැමරුම


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය අද (2) ට යෙදී තිබූ අතර මෙවර එම සැමරුම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබිණි. 

ඒ අනුව එහි ප්‍රධාන ආගමික වැඩසටහන ලෙස ආශීර්වාද බෝධි පූජා පිංකමක් පක්‍ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි. 

ඊට සමගාමීව වැල්ලවත්ත විෂ්ණු කෝවිලේ දී හින්දු ආගමික වතාවත්, දවටගහ මුස්ලිම් දේවස්ථානයේ දී ඉස්ලාම් ආගමික දේවමෙහෙයක්, හා කොම්පඤ්ඤවීදිය ජේසු බිළින්දාගේ දේවස්ථානයේදී කතෝලික දේව මෙහෙයක් ද සංවිධානය කර තිබිණි.

පක්‍ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි  ජයසේකර මහතා ඇතුළු පක්ෂ ප්‍රධානීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පක්‍ෂ නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)