ශිල්ප සේනා ප්‍රදර්ශනය ඇරැඹේ


විද්‍යා තාක්ෂණ  හා පර්යේෂණ අමාත්‍යාංශය  මගින්  සංවිධානය කරන  " ශ්‍රී ලංකා  තාක්ෂණ විප්ලවය  - ශිල්ප සේනා "  ප්‍රදර්ශනය  කොළඹ  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18)ආරම්භ  කෙරිණි.

 
මෙම  අවස්ථාවට  විද්‍යා තාක්ෂණ හා  පර්යෙෂණ  අමාත්‍ය  සුජීව  සේනසිංහ,  අමාත්‍යවරුන් වන  දයා ගමගේ, මලික්  සමරවික්‍රම, කොළඹ  පුරපතිනි රෝසි සේනානායක   යන  මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
 
(ඡායාරූප -  චතුර එස්. කොඩිකාර)