සංවර්ධන නිලධාරීහු උද්ඝෝෂණයක


(සටහන /ඡයාරුපය/ වීඩියෝ - ශාන්ත රත්නායක)

උසස්වීම් පටිපාටියක්, උපාධියට සාධරණ වැටුපක්, සුදුසු රාජකාරියක් පැවරීම, වැටුප් සම්බන්ධ ගැටලු ඇතුළු ඉල්ලීම වහා ලබාදෙන ලෙස රජයට බලකරමින් සංවර්ධන නිලධාරි සේවා සංගමය හා රැකියාලාභී උපාධිධාරී සංගමය අද (15)  බොරැල්ල කැම්බල් පිටියේ සිට පා ගමනින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පැමිණ උද්ඝෝෂණයක් පැවැත්වීය.

එහිදී  සංවර්ධන නිලධාරින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වට කරමින් උද්ඝෝෂණ
පැවැත් වූ අතර නිදහස් මවාත, මෙට්ලන්ඩ් මාවත සම්පුර්ණයන් අවහිර කරමින් ඔවුහු විරෝධය පළ කළහ.