සංවර්ධන නිලධාරීහු වීදි බසිති




සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ  ටොරිංටන්හි  පිහිටි රාජ්‍ය  පරිපාලන  අමාත්‍යාංශය  ඉදිරිපිටදී අද  (08)  පැවැත්විණි.

උසස්වීම් පටිපාටියක් ලබාදීම, නිශ්චිත විෂය පථයක් හා  සුදුසු රාජකාරි  ක්‍රමයක්  ලබාදීම, සුදුසු   නොවන රාජකාරි  පැවරීම  නතර  කිරීම  ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සංවර්ධන නිලධාරීහු විරෝධතාවයේ යෙදුණහ.
 
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)