සමනළ වැවේ ජල මට්ටම පහත බැස නටඹුන් මතුවෙයි


(ප්‍රින්ස් රත්නායක)

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සමනළ වැවේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස පහත බැස තිබේ.

දැඩි නියඟය හා  ඉහළ පෝෂක ප්‍රදේශයන්ට වර්ෂාව නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇත.

වලවේ ගඟ, හිරිකටුඔය, බෙලිහුල්ඔය, දෙනගම්ඔය, සුරතලීඇල්ල, බඹරකන්ද ඇල්ල, දියවිනි ඇල්ල, දූවිළී ඇල්ල ඇතුළු ප්‍රදේශයේ පවතින සියලුම ජල මූලාශ්‍රයන්වල ජල මට්ටම පහත බැස තිබේ.

සමනළ වැවේ දකුණු අන්තයේ වැවට යටවූ  පන්සලේ චෛත්‍යය මෙම වසරේ තෙවෙනි වරටත් මතුව තිබෙනු දැකගත හැකි අතර වැවෙහි පරිමාණයෙන්  විශාල ප්‍රමාණයක් හිස්ව තිබෙනු දැකිය හැකිය.