සරුංගල් සැණකෙළියට විශාල සෙනඟක්


(රොමේෂ් මධුෂංඛ)

දෙමළ සංස්කෘතිය අරමුණු කරගෙන යාපනය අහස්තලය වර්ණවත් කරමින් ඉතා අලංකාර වූ 2020 නව වසරේ සරුංගල් සැණකෙළිය මෙවර යාපනය වැල්වැටිතුරෙයි මුහුදු තීරයේ දී පැවැත්විණි.

යාපනය වැල්වැටිතුරෙයි හා කන්කසන්තුරෙයි මුහුදු තීරයේ දී පැවති මෙම සරුංගල් සැණකෙළිය නැරඹීමට මෙවර අති විශාල ජනතාවක් සහභාගී වීම විශේෂත්වයකි.

වැල්වැටිතුරෙයි ප්‍රාදේශීය සභාව ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කරන ලද මෙම සරුංගල් සැණකෙළිය වෙනුවෙන් දිවයිනේ සරුංගල් නිර්මාණකරුවෝ රැසක් සහභාගී වී සිටියහ.

දෙමළ සංස්කෘතියට අයත් සංගීත භාණ්ඩ මෙන්ම එම  සමාජයේ විවිධ වූ අංගයන් විදහා දක්වමින් ඉතා අලංකාර වූ සරුංගල් නිර්මාණය කර තිබූ අතර යුද සමයේ දී උතුරු ප්‍රදේශයේ ජනතාවට දැක ගත හැකි වූ ගුවන් යානා හා විවිධ වූ උපකරණ ද නිර්මාණය කර උඩු ගුවන්ගත කෙරිණි.