සැමට සෙවණින් අශෝකපුරට නිවාස 98ක්


(ජයමාල් චන්ද්‍රසිරි)

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන ‘සැමට සෙවණ‘ නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිවූ නාත්තණ්ඩිය අශෝකපුර ආදර්ශ ගම්මානය විවෘත කිරීම අද(18) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එම ව්‍යාපෘතිය යටතේ අශෝකපුර ඉදිකළ නිවාස 98ක් අද විවෘත කිරීම සිදුවිය.