සිංගප්පූරුවෙන් ආ අමුත්තා


(ටී.කේ.ජී.කපිල)

ලෝකයේ නවීනතම මගී ගුවන් යානයක් පළමු වතාවට අද අලුයම කටුනායක ගුවන් තොටුපළට  ගොඩබෑවේය.

සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 787 - 10 වර්ගයේ මෙම ගුවන් යානය සිංගප්පූරු ගුවන් සේවයට මෙන්ම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පළමු අවස්ථාව මෙය බව සිංගප්පූරු ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත කුඩාලියනගේ මහතා පැවසීය.

ඇමෙරිකාවේ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම ඩ්‍රීම්ලයිනර් ගුවන් යානා කාණ්ඩය යටතේ අලුතෙන්ම නිෂ්පාදනය කර ඇති මෙම ගුවන් යානය පුළුල් බද සහිත එකවර ගුවන් මගීන් 337 දෙනෙකුට ගමන් කළ හැකි ආකාරයට නිපදවා තිබේ.

රෝල්ස් රොයිස් වර්ගයේ ඇන්ජින් දෙකකින් බල ගැන්වෙන මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 36 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ( Economy ) ආසන 301 කින් සමන්විත වේ.