සිංහ රෙජිමේන්තුවට සිංහ පැටියෙක්


(එච්.එම්.ධර්මපාල)

හම්බන්තොට  සෆාරි උද්‍යානයේ  මීට  මාස හතරකට පෙර ඉපදුණු සිංහ පැටවුන් සිව් දෙනාගෙන්  එක් පැටවකු අද (10) වනජිවි සම්පත් සංරක්ෂණ නියෝජ්‍ය  ඇමැතිනී සුමේධා ජි ජයසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන්  දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට බාර කෙරිණි.