සිංහගම වැසියෝ වතුර ඉල්ලති


(කාංචන කුමාර ආරියදාස )

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ සිංහගම,අළුත්ඔය  වැසියෝ බොන්නට දියපොදක් ලබාදෙන්නැයි ද ස්ථිර ජල ව්‍යාපෘතියක් ලබාදෙන්නැයි ද ඉල්ලා සිටිති .

ඔවුහු දැඩි දරිද්‍රතාවයෙන් , නියඟයෙන් , අලින්ගෙන් මෙන්ම ආහාර හිඟයෙන්ද  අසරණ වී සිටිති.පවුල් 30 කට පමණ  එක නල ළිඳක් ඇත.ඔවුන්ගේ සියලු ජල අවශ්‍යතා සපුරා ගන්නේ එම නල ළිඳෙනි.