සිරකරුවෝ සටන අත් නොහරිති


(ළහිරු හර්ෂණ)
වැලිකඩ බන්ධනාගාරයේ  වහළය මත නැග  උපවාස අරඹා ඇති සිරකරුවෝ තිදෙනෙක් අද (12)  පොස්ටර් බැනර්ද  අතැතිව වහළය මත රැදී සිටිති.
 රෝයල් පාර්ක් මිනීමැරුමේ මරුණ දඩුවම නියම වූ විත්තිකරුට දුන් ජනාධිපති සමාව තමන්ටද ලබාදෙන ලෙසට ඔවුහු ඉල්ලා සිටිති.
 
 ඔවුන්  වහලයට නැඟීමත් සමඟම වැලිකඩ , අඟුණුකොලපැලැස්ස සහ බූස්ස බන්ධනාගාරවල ද මේ වන විට නොසන්සුන්තාවයක් හටගෙන ඇතැයි වාර්තාවේ.
 වහළය මත සිටින ඔවුනට සෙසු සිරකරුවෝ ආහාර ආදී දෑ ලබා දෙන අයුරුද දකින්නට ලැබේ.
 
පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය  යොදවා බන්ධනාගාරය අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබේ. 

සබැඳී -

වැලිකඩ - අඟුණුකොලපැලැස්ස - බූස්ස බන්ධනාගාර නොසන්සුන්