සුර්යබල බලාගාරයේ භූමීය බලන්න ඇමැති සියඹලාපිටිය යයි


(සිතුම් චතුරංග)

ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන විශාලතම පුනර්ජනීය බලශක්ති බලාගාරය වන සූරියබල සහ සුළං බල ශක්ති බලාගාරය ඉදිකිරීම සඳහා පූනරින් කව්දාරිමුනෙයිල මන්නිතලෙයි භූමිය පරීක්ෂා කිරීම සඳහා විදුලිබල පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා එහි සංචාරයක නිරත විය.

සූර්ය බලශක්තිය භාවිතා කරමින් මෙගාවොට් 800ක ධාරිතාවෙන් යුතු විදුලියක් ජාතික පද්ධතියට මෙයින් නිපදවීමට නියමිත අතර සුළං බලය භාවිතා කර මෙගාවොට් 240 ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිතය.

අක්කර 600 භූමි ප්‍රමාණයක ඉදිකෙරන අතර අදියර තුනක් යටතේ මෙහි ඉදිකිරීම් සිදුකිරීමට නියමිතය.