හලාවත වෙරළ තීරය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක්


(ඔගස්ටින් ප්‍රනාන්දු)

සහජීවනය සදහා වන අන්තර් ආගමික සංචාරයක් අතරතුරදී ගාල්ල ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් අද (9) පෙරවරු කාලයේදී හලාවත වෙරළ තීරය පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන මෙහෙයක නිරතව සිටිනු දැක ගත හැකි විය.
 
ගාල්ල කරිටාස් සෙට් ගෝල් සංවිධනය සහ හලාවත පදවි කරිටයාස් සෙඩෙක් ආයතනය ඒකාබද්ධව මෙම අන්තර් ආගමික සහජීවන සංචාරය සුදානම් කර තිබුණි. ප්‍රදේශයේ සියළු ආගමික මධ්‍යස්ථානවලට ගොස් ඒවා නරඹමින් තෝරා ගන්නා ලද ගම්මානවලට ගොස් ජනතාව අතරට ගොස් සහජීවනය ඇතිකිරීමේ වැඩ සටහන් රැසකටද මෙම පිරිස එක්ව සිටියහ.

ගාල්ල හා හලාවත ප්‍රදේශයන්හි තරුණ තරුණියන් හා වැඩිහිටි පිරිස් මෙම සංචාරයට එක්ව සිටියහ. හලාවත සෙඩෙක් අධ්‍යක්ෂ ලුක් නෙල්සන් ප්‍රනාන්දු පියතුමාගේ උපදෙස් අනුව හලාවත ආසන දෙව්මැදුරේ සහායක පියතුමාණන් වන රොශේන් ගුරුසිංහ පියතුමාද මෙම ගමනට එක්ව සිටියේය.

හලාවත සිට ඉරණවිල දක්වා වෙරළ තීරයේ ගොඩ ගැසී තිබූ කසල ඉවත් කරනු ලැබු අතර පොලිතීන් ප්‍රතිචක්‍රීකරණ උපදෙස් මාලාවකින්ද පැමි්ණි අය දැනුවත් කෙරිණි.