හැටන් සුර අසුර සංග්‍රාමය


(සුදත් එච්. එම්. හේවා)

හැටන් කතරගම දේවාලයේ සුර අසුර සංග්‍රාමය අද (02) සවස් කාලයේදි හැටන් නගරයේදී පවත්වන ලදී.

හැටන් නගරයේ පැරණිතම හින්දු දේවාලය වන හැටන් කතරගම දේවාලයේ අසුරයන් පරදා සුරයන් ජය ගැනීම නිමිති කරගෙන වාර්ෂිකව පවත්වනු ලබන සුර අසුර සංග්‍රාමට හෙවත් ස්කන්ධස්ටි උත්සවය මෙවරද ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට මෙවරද පියවර ගත් බව එම දේවාලයේ ප්‍රධාන පූජක බාලා ෂර්මා පූජකතුමා පැවසීය.

මෙවරද මෙම සුර අසුර සංග්‍රාමය හෙවත් ස්කන්ධස්ටි උත්සවය  සඳහා ප්‍රදේශයේ විශාල හින්දු බැතිමතුන් පිරිසක් එක්ව සිටි අතර මෙම බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා හැටන් මූලස්ථාන පොලිසිය විසින් විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබුණි.