හිටපු අගමැති රනිල් මල්වතු - අස්ගිරි මහ නාහිමිවරු හමුවෙයි


චමිල් රූපසිංහ
එක්සත්ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (24) මහනුවරට පැමිණි  මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධර්ථ සුමංගල හිමියන් සහ අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය.


එක්සත්ජාතික පක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ මහතා මහානායක හිමිවරුන් හමුවිම පෞද්ගලික හමුවීමක් බැවින් මහානායකහිමිවරුන් බැහැ දැකීම පමනක් මාධ්‍ය අවරණය සඳහා අවස්ථාව උදාවිය.